සැමදා ඔබ ලඟයි............

කාව්‍යා යශ්විනි 7:19 AM |


අරුණ ගෙවී ගොස්
අඳුර උදා වූ වට කම් නැත
ඔබේ ලොව රජයන්නට
ඒ අඳුරට ඉඩක් නැත
ඔබේ ලොව එකලු කර
එලිය පතුරුවන්නට
ඔබේ සඳවතිය ඔබ ලඟයි
එදා මෙන් අද දිනද..........
ගතින් මා බෝ දුරයි
නමුත් මා ඔබ ලඟයි
සසර මතු එතෙර වන තුරාවට
ඔබ මගෙයි මා ඔබෙයි..........


Read More

මගේ බලු කුක්කෝ..............

කාව්‍යා යශ්විනි 5:53 AM | ,


නුඹට මම
වෙලාවට කන්න දෙනවා නම්,
වසට පැයක් මා එක්ක
හුරතල් වෙන්න දෙනවා නම්,
නුඹට බැරි ඇයි
ඉන්න සතුටින්
මෙ හුරුබුහුටි කූඩුව ඇතුලේ...........

Read More

අමනාප වූ පෙම්වතාට.............

කාව්‍යා යශ්විනි 3:09 AM |



  

දිවි මං තලාවේ
පියමං තනන්නට
එක්ව  ඔබ හා අත්වැල් පටලාන................
පිදු පිවිතුරු සෙනෙහස
නැත කිසිදු වෙනසක්  
අද ද එදා මෙන්ම................
රිදී සඳ එළිය සේම
නැවුම්ය...........
පිවිතුරුය ............
මුතු පින්නෙන් නැහැවුණු
සේපාලිකා මලක් සේම
අලංකාරය...........
සුවඳින් සුවඳවත්ය........
කමා වුව මැන
සිදුවූ වරදට..........
පුදනු මැන ඔබේ සෙනහස්‌  බිඳුවක්
ගේ  සිත එකලු කෙරුමට..............


Read More

මගේ කවි

කාව්‍යා යශ්විනි 2:30 AM |


මම දක්ෂ කවිකාරියක් නම් නෙමෙයි.මට ලොකුවට කවි ලියන්න බැහැ.ඒත් ඉතිං මං පොඩි උත්සාහයක් දැරුවා නිසදැසක් ලියාගන්න.බලන අය මට හිනාවෙවී මේවටද නිසදැස් කියන්නේ කියලා.මං තරහ නැහැ.මේක පුංචි අහිංසක උත්සාහයක් විතරයි.තියෙන අඩු පාඩු ඉදිරියේදී හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මට ඔයාලගේ ප්‍රතිචාර ගොඩාක් වැදගත් වෙනවා.ඉතිං මම බලපොරොත්තු වෙනවා මේවා කියවලා හොඳ හෝ නරක ගැන යමක් සඳහන් කරලම යාවි කියලත්.
Read More

එකම අයියාව ගොනාට ඇන්දු හැටි.......

කාව්‍යා යශ්විනි 10:34 PM |





අපේ අයියා මට වැඩ අවුරුදු 8 ක් වැඩිමල්. අපේ අයියාකියල බහු වචනෙන් කිව්වට , මාත් එක්ක එයාව බෙදාගන්න වෙන සහෝදර සහෝදරියෝ හිටියේ නෑ. අයියයි මමයි විතරයි  හිටියේ. ඒ නිසා ඇත්තටම එයා මගේ අයියා’.

අපි අතර පරතරය අවුරුදු 8ක් නිසාමද කොහෙද අපි දෙන්නා අතරේ ලොකු බැඳීමක් තිබුනේ නෑ ඒ දවස් වල. ඉඳහිට සිද්ධ වෙන රණ්ඩුවක්, මොනවාහරි විහිළුවක් කරලා මාව bite කිරීමක්‌, එකිනෙකාට  විකාර නම් පට බැඳීමක් ඇරෙන්න අපි අතරේ වැඩි කතා බහක් වත් නෑ.මෙයා නෑ කමට මට වෙන්නේ අයියාකියන එක ඇරෙන්න මහා ලොකු සහෝදර හැඟීමක් වත් මට එයා ගැන තිබුනේ නෑ.මං හිතන්නේ එයාටත් එහෙම තියෙන්න ඇති.මං මේ කියන්නේ මට වයස අවුරුදු හතරෙ විතර ඉඳං අවුරුදු දහය විතර වෙනකන් කාලේ මට හැඟුනු දැනුනු විදිය.නමුත් දැන් ඒ දේවල් ගොඩාක් වෙනස්. ඒවා ගැන වෙනම කතා කරමු.

කොහොමහරි මං මේ කියන්න යන සිද්ධිය වෙනකොට මං හිටියේ 1 වසරේ, අයියා 9 වසරේ. අයියා ගැන ඒ වෙනකොට තිබුණු හැඟීම කෙසේ වෙතත් ඉස්කෝලේ යාලුවෝ ඉස්සරහා මං හරි ආඩම්බරෙන් හිටියේ. මොකද ඒ කාටවත්ම හිටියේ නැහැ මට තරං ලොකු අයියෙක් . හැමෝගෙම මහා ලොකුඅයියලා හිටියේ එක්කෝ 2 වසරේ නැත්නම් 3 වසරේ, වැඩිම උනොත් 5 වසරේ.ඊට වඩා ලොකු අයියලා නම් කාටවත්ම හිටියේ නැහැ.ඒ නිසා මං ඒ දවස් වල හරි ආඩම්බරෙන් කියනවා මට  මතකයි 
 “ අපේ අයියා නම් 9  වසරේ........”  කියලා.

‌‍‍‌‌‍ඉතිං මං මේ කියන දවසේ  ( මට මතක විදියට එදා ඉස්කෝලේ නිවාඩු දවසක් ) මං මිදුලේ සෙල්ලම් කර කර ඉඳලා toilet  එකට යන්න දුවගෙන ආවා.( මං සාමාන්‍යයෙන් එහෙම එන්නේ ඉවසන්නම බැරි උනාම) එතකොටම කොහෙදෝ ඉඳං දුවගෙන ආපු අයියා දොර ලඟම හිටපු පුංචි මාව අහකට කරා. එයාගේ ඇඟිල්ලක් වැදුනත් විසිවෙන size එකේ හිටපු මාව නිකන්ම එහාට තල්ලු වෙලා ගියා.එයා ඇතුලට ගිහින් දොර වහගත්තා.ඉවසන්නම බැරි තැන්නේ මමත් ආවේ. දැන් මොකද කරන්නේ????? මටත් කේන්තියි. මං අම්මට කෑ ගහලා කිව්වා
  “ අම්මේ....... බලන්නකෝ මේ අයියා මට toilet එකට යන්න දෙන්නෑ. මට ඉන්න බෑ.........” එතකොට ඇතුලට ගිය එයා ගිය වැඩේ කරගන්නෙත් නැතුව මාව අවුස්සන්න
    “හූ.......හූ............කියනවා.
කරන්න දෙයක් නැහැ .මං ආපහු හෙමීට සාලේ පැත්තට ආවා.

TV ඒකත් දාලා.
  “ හානේ...... TV එකේ  cricket match 1ක් යනවා

අප්පච්චි
match එක බලනවා.එහෙනම් මෙයා ඉන්න ඇත්තෙත්  ඒක බල බලා.එයාට cricket කිව්වොත් කන්න ඕනෙත් නෑනේ. මෙලෝ සිහියක් නැතුව බලන්නේ. cricket match බලන වෙලාවට කවුරු හරි එයාව උස්සන් ගියත් එයා දන්නේ නැති වෙයි කියලා තමා අම්මත් කියන්නේ. කොහොමහරි  TV එකේ match එක දැකපු ගමන් මට ආවා master plan 1ක්. මං ආපහු දුවගෙන ගියා toilet එක ලඟට.    
   
           “අයියා.................... අන්න කවුද out උනා..........
      
          “කවුද...........කවුද out උනේ...........? ”

         “ දන්නෑ...... මං ඒ ගොල්ලන්ගේ නම් දන්නේ නෑනේ......
මං බොහොම අහිංසක විදියට පිළිතුරු දුන්නා.

මෙන්න
toilet  එකේ දොර ඇරුනා. අයියා දිව්වා සාලෙට,

         “ කවුද අප්පච්චී out උනේ ? ” අහගෙන.

මං සුරුස්‌ ගාලා ඇතුලට ගිහින් දොර වහගත්තා.

 මගේ වැඩේ කරගෙන මං එලියට එනකොට අරයා ඉන්නවා මූණත් පුම්බගෙන මට බැන  බැන  බොරු කිව්වා කියලා.
  
          “ හී..... හී......හොඳ වැඩේ  මට හූ කිව්වට ”  කියලා එයාට දිවත් දාලා මං ආපහු දිව්වා සෙල්ලම් කරන්න.

ඔන්න ඕකයි එදා සිද්ධ උනේ. දැන් හිතලා බලනකොට ඒක බොහොම පුංචි සිදුවීමක් වුනත් ඒ වෙනකොට යාන්තම් ඉස්කෝලේ යන්න පටං ගත්ත පුංචි මම
,මට වඩා අවුරුදු 8 ක් වැඩිමල් ඉස්කෝලේ 9 පන්තියේ හිටපු අයියව ගොනාට ඇන්දුවා නේද කියන සතුට එදා තරමටම  අදටත් මේ සිද්ධිය මතක් වෙද්දී මට දැනෙනවා. ඒ දවස් වල මට ඒක දැනුනේ මහා වීර ක්‍රියාවක් විදියට. හරියට නිකන් පුංචි මම දසමහා යෝධයෙක් එක්ක සටන් කරලා දින්නා වගේ තමා මට දැනුනේ.

මේ වෙනකොට විවාහ වෙලා
, එක් දරු පියෙක් විදියට යුතුකම් වගකීම් අතරේ දෝලනය වෙවී ඉන්න අයියාට නම් දැන් වෙනකොට මෙහෙම දෙයක් උනා කියලවත් මතක නැතුව ඇති. කොහොමත් එයාට මතක හිටින්න තරම් මහා ලොකු සිදුවීමකුත් නෙමෙයි මේක.

තව ටික කාලෙකින් මමත් ඒ වගේ යුතුකම් වගකීම් අතරේ හිර උනාම මටත් මේ පුංචි සිද්ධිය අමතක වෙලා යාවී...... ඒ නිසාමයි මං මේක මේ විදියට ලියලා තියන්න හිතුවේ.මොකද කවදාහරි හැම දේකින්ම හෙම්බත් වුනු
  දවසක  මේ වගේ පුංචි සිද්ධියක් මතක් උනාම හිතට දැනෙන සතුට, සැනසිල්ල වචනෙන් විස්තර කරන්න බැරි තරම්. මේ සිදුවීම කොච්චර පුංචි උනත්, ඒ වගේ වෙලාවකට මේක මහමෙරක් වගේ වටිනවා.

ඇත්තටම බොහෝ වෙලාවට අපේ ජීවිත වල වැඩියෙන්ම රසවත් මතක සටහන් විදියට තැන්පත් වෙන්නේ ඉතාමත් පුංචි සිදුවීම් නේද
? ඒවායිනුත් බොහොමයක් අපි පුංචි කාලේ කරපු කියපු දඟ වැඩ,එහෙමත් නැත්නම් අපි ලබාපු අත්දැකීම්. 

           

Read More

ඇත්තටම එයා කවුද?????

කාව්‍යා යශ්විනි 9:32 PM |

මේ සිද්ධිය වෙනකොට අපි හිටියේ 8 වසරේ. අපි යාන්තම් teenage එකට පය තිබ්බා විතරයි එතකොට. ඒ වෙනකොට අපිට පිරිමි ළමයි ගැන තිබුනේ අමුතුම හැගීමක්. ඒ කියන්නේ අපිට ඒ වෙනකොට විරුද්ධ පාර්ශවය ගැන කිසිම ආදර සිතිවිල්ලක්/ ආකර්ෂණයක් පහල වෙලා තිබුනේ නෑ. තිබුනේ කැමැත්තයි අකමැත්තයි  අතර දෝලනය වුනු හැඟීමක්. හැබැයි ඒ කැමැත්ත සහෝදර කමකටත් වඩා අඩු සිතිවිල්ලක්.අපි ඒගොල්ලෝ එක්ක කතාබහ කරනවා, ඉඳහිට විහිලු තහළු කරනවා. හැබැයි බැරිවෙලා අහම්බෙකින් හරි ඇඟේ එහෙම හැප්පුනොත් එහෙම “ ඊයා........අද නම් detol දාලා නාන්න වෙයි” කියන හැඟීම තමයි  එන්නේ. හිතල විතරක්‌ ඉන්නේ නෑ. හැප්පුනු  එකාට ඇහෙන්න ඒක ප්‍රකාශත් කරනවා. එතකොට ඌත් හුඟක් වෙලාවට “ අප්පෝ.... මටත් දවස 7 ක් වත් නාන්න වෙයි” වගේ මොකක් හරි කියනවා අපිට against එකටත් එක්ක. ඒ කාලේ අපි දෙපාර්ශවයටම දෙගොල්ලෝ ගැන තිබුනේ ඔන්න ඔය වගේ හැඟීමක්.


කොහොමහරි අපේ කල්ලියේ නොහොත් cilque  එකේ හිටියේ අපි හතර දෙනයි. තාරුකා , මධු, සෙව්වන්දි  සහ මම. අපි නිතරම එකටම වගේ හිටියත් දෛවයේ  සරදමකට වගේ 8 වසර පන්ති වලට අපිව බෙදනකොට අපි වෙන්වුණා. තාරුකා, සෙව්වන්දි සහ මම 8 E පන්තියටත් මධු විටරක්‌ තනියම 8 B පන්තියටත් කොටුවුනා.
“මොනා කරන්නද ? වෙනස් කරගන්න විදියකුත් නැහැනේ, මේ අවුරුද්දට ඔහොම ඉමු”
කියලා අපි කතා වුනා. පන්ති දෙකකට වෙන් උනාට අපේ යාළුකම ඒකෙන් නැති වෙන්නේ  නැහැ කියලා අපි හතර දෙනාම දන්නවා.



ඉස්කෝලේ 8 වසර පන්ති තිබුනේ තට්ටු තුනේ ගොඩනැගිල්ලක. මධු උඩම තට්ටුවේ පන්තියකටත්, අපි තුන්දෙනා දෙවෙනි තට්ටුවේ පන්තියකටත් සීමා උනා. අපි හතර දෙනාටම එකතු වෙන්න පුළුවන් වුනේ උදේ පන්සිල් ගන්න bell එක ගහන්න කලින් සුළු වෙලාවකටත් interval එකේ දී මිනිත්තු 10 කටත් වගේ පුංචි කාල සීමාවකට තමා. ඒකත් උදේට පන්තිය අතුගාන්න වෙන දවසට උදේ මුණ ගැහෙන්න වෙන්නේ නැහැ.
මේ සිදුවීම වුනු දවසේ මධුයි, සෙව්වන්දියි දෙන්නම ඉස්කෝලේ ඇවිල්ලා නැහැ. තාරුයි මායි විතරයි. තාරුකාට අපි ආදරේට කිව්වේ ‘තාරු’ කියලා. උදේ ඉදන්ම අපි බලාන හිටියේ interval bell එක ගහනකං. හැමදාම ඉතින් අපි බොහෝ දෙනෙක් ඒ වගේ තමා. ඇයි උදේට බාගෙට කාලානේ ගෙදරින් එන්නේ.


“ ට්‍රීං... ට්‍රීං... ට්‍රීං ...........”


bell එක ගැහුවා විතරයි අපි දෙන්නා අනිත් අයවත් පෙරලාගෙන එලියට දිව්වා අත් සෝදන්න. කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නෑ එතකොටත් පඩිපෙලේ යුද්ධෙ පටන් අරන්. කට්ටිය පොරකනවා පහලට බහින්න. අපේ පන්තිය hall එකේ කෙලවරේම පන්තිය නිසා අපි bell එක ගහද්දීම එලියට පැන්නත් පඩිපෙළ ලඟට එද්දී ඒක housefull. අනිත් වෙලාවට කොහොම උනත් ඒ වෙලාවට නම් කවුරු ඇඟේ හැප්පුනත් අපි දෙගොල්ලටම ගානක් නෑ. හැමෝගෙම එකම අභිප්‍රාය වෙන්නේ tap එක ළඟ සෙනග පිරෙන්න කලින් අත් සෝදාගන්න එක. නැත්නම් එතනත් පොරකන්න වෙනවා අත්
හෝදගන්න. අන්තිමට වතුර නාගෙන තමා එතනින් එන්න වෙන්නේ.


ඉතින් අපි දෙන්නත් පඩිපෙලේ යුධ පිටියට බැස්සා. ඒ වෙද්දී අපි දෙන්න තදින් අත් අල්ලාගෙන හිටියේ. ඒ දවස් වල අපි දෙන්නගේ පුරුද්දක් තිබුනා කොහේ ගියත් අත් අල්ලාගෙන තමයි යන්නේ. කොහොමහරි  පොරකන ළමයි ගොඩේ එහාට මෙහාට තල්ලු වෙලා පඩිපෙල  මැද හරියේදී වගේ මට තාරුගේ අත අතෑරුනා. මොනා කරන්නද අයෙ එයාගේ අත තියා එයාව වත් හොයාගන්න බැහැ ඒ කලබලේ අස්සේ. ඒත් එක්කම මාව ඉස්සරහට තල්ලු වෙලා ඉබේම වගේ පඩිපෙලේ ඉතුරු ටිකත් බැස්සුනා.බැහැලා බලනකොටත් තාරු පෙන්න නැහැ. එයා බැහැලා එනකන් කියලා මං පඩිපෙල අයිනට වෙලා පඩිපෙල දිහා බලාගෙන හිටියා.


විනාඩි දෙක තුනකට පස්සේ මෙන්න අනිත් ළමයි ගොඩ මැද්දෙන් තාරුගේ මූණ මතු උනා.


“හරි මෙන්න එයා එනවා” කියල හිතන ගමන් මං එයා  බහින දිහාව බලන් හිටියා. තාරුත් හොඳට හිනා වෙවී පඩිපෙල බහිනවා. ඒත්........................
පඩිපෙල බහින තාරුගේ මට මොකද්දෝ මන්දා අමුත්තක් පෙනුනා.මෙන්න මෙයා පඩිපෙල බහින්නේ කාගේදෝ අතක් අල්ලාගෙන ! මං ඉතින් ඒ අතේ අයිතිකාරයා කවුද බලන්න ඒ අත දිගේ උඩට මගේ ඇස් දෙක යැව්වා. එයා තරමක් මහතයි, උස අපේ තාරුගේ උසම වගේ , තරමක් සුදුයි, කොන්ඩේ කොටටම කපලා. එයා ඇඳන් හිටියේ........


දෙය්යෝ සාක්කී !!!!!!! 


එයා ඇඳන් ඉන්නේ නිල් පාට කොට කලිසමක්...........
අයිතිකාරයා පිරිමි ළමයෙක්!!!!!!!!!!


මේක දැක්කා විතරයි මට ‘බකස්’  ගාලා හිනා ගියා. ඒත් එක්කම තාරු මාව දැක්කා. එයත් මාත් එක්ක හොඳට  කටපුරා හිනා වුණා. ඒත් තප්පරයකින් වගේ මෙයා ගැස්සිලා බැලුවා කාගේ අතින්ද අල්ලන් ඉන්නේ කියලා. මොකද මෙච්චර වෙලා ඒ අතේ අයිතිකාරි කියලා එයා හිතන් හිටපු කෙනා එයාගේ ඇස් මානේ පඩිපෙල පාමුල එයා එනකන් බලන් ඉන්නවා.ඒ අතේ නියම අයිතිකාරයා කවුද කියල දැක්ක ගමන් මෙයා විදුලි වේගෙන් පඩිපෙලේ ඉතිරි ටික බැහැලා මා ලඟට ආවා.


මේ මුළු සිදුවීමටම ගත වුනේ තත්පර  පහක හයක වගේ සුළු කාලයක් උනාට විනාඩි ගාණක් යනකන් මට හිනාව නවත්තා ගන්න බැරි වුණා. ටික වෙලාවක් යනකන් තාරු dim වෙලා වගේ ලැජ්ජාවෙන් හිටියා. ඒත් ටිකකින් මෙයත් හයියෙන් හිනා වෙන්න ගත්තා. දැන් අපි දෙන්නම බඩවල් අල්ලාගෙන හිනා වෙනවා. වටේ ඉන්න ළමයිනුත් බලනවා මුන් දෙන්නට මොකද වෙලා තියෙන්නේ  කියලා. කොච්චර හිනා උනාද කියනවා නම් ඒ කලබලේ අස්සේ මෙයා අතින් අල්ලාගෙන ආපු පිරිමි ළමයා කවුද කියලාවත් අපිට බලාගන්න බැරි උනා.


මගේ සජීවී විස්තර විකාශය නිසා අනිත් යාළුවොත් මේ සිද්ධිය දැනගත්තා. ඉතින් දවස් ගානක් යනකන් තාරු අපෙන් bite උනා.


ඔන්න ඔහොමයි මගේ හොඳම මිතුරිය ජීවිතේ ප්‍රථම වතාවට පිරිමි ළමයෙකුගේ අතින් ඇල්ලුවේ. අපි හැමෝටම හා හා පුරා කියලා පිරිමි ළමයෙකුගේ අතින් ඇල්ලීම ඉතාමත් romantic, ආයේ ආයේ ආසාවෙන් මතක් කරන්න පුළුවන් සුන්දර සිදුවීමක් වුනත්, තාරුට නම් ඒක එහෙම උනේ නැහැ.
අදටත් ඒක මතක් කරන වෙලාවට තාරු කියන්නේ 


“ අනේ........ ඕක මතක් කරන්න එපා,  මට ලැජ්ජයි. ඔයාලට වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද “ කියලා.


මේ සිදුවීම වෙලා අවුරුදු 10 ක් විතර  ගතවෙලත් අපි කිසිම කෙනෙක් තවමත් දන්නේ නැහැ ඒ පිරිමි ළමයා කවුද කියලා. ඕක ගැන කතා කරලා, හිනා වෙන හැම මොහොතකම අපි අපෙන්ම  අහගන්න ප්‍රශ්නය 


“ ඇත්තටම එයා කවුරු වෙන්න ඇතිද???????????”


Read More