දිවි මං තලාවේ
පියමං තනන්නට
එක්ව ඔබ හා අත්වැල් පටලාන................
පිදු පිවිතුරු සෙනෙහස
නැත කිසිදු වෙනසක්
අද ද එදා මෙන්ම................
රිදී සඳ එළිය සේම
නැවුම්ය...........
පිවිතුරුය ............
මුතු පින්නෙන් නැහැවුණු
සේපාලිකා මලක් සේම
අලංකාරය...........
සුවඳින් සුවඳවත්ය........
කමා වුව මැන
සිදුවූ වරදට..........
පුදනු මැන ඔබේ සෙනහස්
බිඳුවක්
මගේ සිත එකලු කෙරුමට..............
2 comments:
අදහස ඉතා අගෙයි..
ඔබට සුබ පතමි....
ඔබට ඉතාමත් ස්තුතියි Prince Charming
දිගටම දේදුන්නත් එක්ක රැඳෙයි කියල බලාපොරොත්තු වෙනවා. :)
Post a Comment