අපේ අයියා මට වැඩ අවුරුදු 8 ක් වැඩිමල්. ‘අපේ අයියා’ කියල බහු වචනෙන් කිව්වට , මාත් එක්ක එයාව බෙදාගන්න වෙන සහෝදර සහෝදරියෝ හිටියේ නෑ. අයියයි මමයි
විතරයි හිටියේ. ඒ නිසා ඇත්තටම එයා ‘මගේ අයියා’.
අපි අතර පරතරය අවුරුදු 8ක් නිසාමද කොහෙද අපි දෙන්නා අතරේ
ලොකු බැඳීමක් තිබුනේ නෑ ඒ දවස් වල. ඉඳහිට සිද්ධ වෙන රණ්ඩුවක්, මොනවාහරි විහිළුවක් කරලා මාව bite
කිරීමක්, එකිනෙකාට විකාර නම් පට බැඳීමක් ඇරෙන්න අපි අතරේ වැඩි කතා බහක් වත් නෑ.මෙයා නෑ
කමට මට වෙන්නේ ‘අයියා’ කියන එක
ඇරෙන්න මහා ලොකු සහෝදර හැඟීමක් වත් මට එයා ගැන තිබුනේ නෑ.මං හිතන්නේ එයාටත් එහෙම
තියෙන්න ඇති.මං මේ කියන්නේ මට වයස අවුරුදු හතරෙ විතර ඉඳං අවුරුදු දහය විතර වෙනකන්
කාලේ මට හැඟුනු දැනුනු විදිය.නමුත් දැන් ඒ දේවල් ගොඩාක් වෙනස්. ඒවා ගැන වෙනම කතා
කරමු.
කොහොමහරි මං මේ කියන්න යන සිද්ධිය වෙනකොට මං හිටියේ 1 වසරේ, අයියා 9 වසරේ. අයියා ගැන ඒ වෙනකොට තිබුණු හැඟීම කෙසේ වෙතත් ඉස්කෝලේ
යාලුවෝ ඉස්සරහා මං හරි ආඩම්බරෙන් හිටියේ. මොකද ඒ කාටවත්ම හිටියේ නැහැ මට තරං ලොකු
අයියෙක් . හැමෝගෙම ‘මහා ලොකු’ අයියලා
හිටියේ එක්කෝ 2 වසරේ
නැත්නම් 3 වසරේ, වැඩිම උනොත් 5 වසරේ.ඊට වඩා ලොකු අයියලා
නම් කාටවත්ම හිටියේ නැහැ.ඒ නිසා මං ඒ දවස් වල හරි ආඩම්බරෙන් කියනවා මට
මතකයි
“ අපේ අයියා නම් 9 වසරේ........” කියලා.
“ අපේ අයියා නම් 9 වසරේ........” කියලා.
ඉතිං මං මේ කියන දවසේ ( මට මතක විදියට එදා ඉස්කෝලේ
නිවාඩු දවසක් ) මං මිදුලේ සෙල්ලම් කර කර ඉඳලා toilet එකට යන්න දුවගෙන ආවා.( මං සාමාන්‍යයෙන් එහෙම එන්නේ ඉවසන්නම බැරි උනාම)
එතකොටම කොහෙදෝ ඉඳං දුවගෙන ආපු අයියා දොර ලඟම හිටපු පුංචි මාව අහකට කරා. එයාගේ
ඇඟිල්ලක් වැදුනත් විසිවෙන size එකේ හිටපු මාව නිකන්ම එහාට
තල්ලු වෙලා ගියා.එයා ඇතුලට ගිහින් දොර වහගත්තා.ඉවසන්නම බැරි තැන්නේ මමත් ආවේ. දැන්
මොකද කරන්නේ????? මටත් කේන්තියි. මං අම්මට කෑ ගහලා කිව්වා
“ අම්මේ....... බලන්නකෝ මේ
අයියා මට toilet එකට යන්න දෙන්නෑ. මට ඉන්න බෑ.........” එතකොට ඇතුලට ගිය එයා ගිය වැඩේ කරගන්නෙත් නැතුව මාව අවුස්සන්න
“හූ.......හූ............”
කියනවා.
කරන්න දෙයක් නැහැ .මං ආපහු හෙමීට සාලේ පැත්තට ආවා.
TV ඒකත් දාලා.
TV ඒකත් දාලා.
“ හානේ...... TV එකේ cricket match 1ක් යනවා”
අප්පච්චි match එක බලනවා.එහෙනම් මෙයා ඉන්න ඇත්තෙත් ඒක බල බලා.එයාට cricket කිව්වොත් කන්න ඕනෙත් නෑනේ. මෙලෝ සිහියක් නැතුව බලන්නේ. cricket match බලන වෙලාවට කවුරු හරි එයාව උස්සන් ගියත් එයා දන්නේ නැති වෙයි කියලා තමා අම්මත් කියන්නේ. කොහොමහරි TV එකේ match එක දැකපු ගමන් මට ආවා master plan 1ක්. මං ආපහු දුවගෙන ගියා toilet එක ලඟට.
“අයියා.................... අන්න කවුද out උනා..........”
“කවුද...........කවුද out උනේ...........? ”
“ දන්නෑ...... මං ඒ ගොල්ලන්ගේ නම් දන්නේ නෑනේ......”
මං බොහොම අහිංසක විදියට පිළිතුරු දුන්නා.
මෙන්න toilet එකේ දොර ඇරුනා. අයියා දිව්වා සාලෙට,
“ කවුද අප්පච්චී out උනේ ? ” අහගෙන.
මං සුරුස් ගාලා ඇතුලට ගිහින් දොර වහගත්තා.
මගේ වැඩේ කරගෙන මං එලියට එනකොට අරයා ඉන්නවා මූණත් පුම්බගෙන මට බැන බැන බොරු කිව්වා කියලා.
“ හී..... හී......හොඳ වැඩේ මට හූ කිව්වට ” කියලා එයාට දිවත් දාලා මං ආපහු දිව්වා සෙල්ලම් කරන්න.
ඔන්න ඕකයි එදා සිද්ධ උනේ. දැන් හිතලා බලනකොට ඒක බොහොම පුංචි සිදුවීමක් වුනත් ඒ වෙනකොට යාන්තම් ඉස්කෝලේ යන්න පටං ගත්ත පුංචි මම,මට වඩා අවුරුදු 8 ක් වැඩිමල් ඉස්කෝලේ 9 පන්තියේ හිටපු අයියව ගොනාට ඇන්දුවා නේද කියන සතුට එදා තරමටම අදටත් මේ සිද්ධිය මතක් වෙද්දී මට දැනෙනවා. ඒ දවස් වල මට ඒක දැනුනේ මහා වීර ක්‍රියාවක් විදියට. හරියට නිකන් පුංචි මම දසමහා යෝධයෙක් එක්ක සටන් කරලා දින්නා වගේ තමා මට දැනුනේ.
මේ වෙනකොට විවාහ වෙලා, එක් දරු පියෙක් විදියට යුතුකම් වගකීම් අතරේ දෝලනය වෙවී ඉන්න අයියාට නම් දැන් වෙනකොට මෙහෙම දෙයක් උනා කියලවත් මතක නැතුව ඇති. කොහොමත් එයාට මතක හිටින්න තරම් මහා ලොකු සිදුවීමකුත් නෙමෙයි මේක.
තව ටික කාලෙකින් මමත් ඒ වගේ යුතුකම් වගකීම් අතරේ හිර උනාම මටත් මේ පුංචි සිද්ධිය අමතක වෙලා යාවී...... ඒ නිසාමයි මං මේක මේ විදියට ලියලා තියන්න හිතුවේ.මොකද කවදාහරි හැම දේකින්ම හෙම්බත් වුනු දවසක මේ වගේ පුංචි සිද්ධියක් මතක් උනාම හිතට දැනෙන සතුට, සැනසිල්ල වචනෙන් විස්තර කරන්න බැරි තරම්. මේ සිදුවීම කොච්චර පුංචි උනත්, ඒ වගේ වෙලාවකට මේක මහමෙරක් වගේ වටිනවා.
ඇත්තටම බොහෝ වෙලාවට අපේ ජීවිත වල වැඩියෙන්ම රසවත් මතක සටහන් විදියට තැන්පත් වෙන්නේ ඉතාමත් පුංචි සිදුවීම් නේද? ඒවායිනුත් බොහොමයක් අපි පුංචි කාලේ කරපු කියපු දඟ වැඩ,එහෙමත් නැත්නම් අපි ලබාපු අත්දැකීම්.

0 comments:
Post a Comment