සිඟිති මුව විකසිත වෙනා
සුරතල් සිනා මතු වෙනා
බිලිඳු පුතු සිහිනේක ද
සුරඟනන් පිරිවරා.......
බිලිඳු පුතු සිහිනේක ද
සුරඟනන් පිරිවරා.......
දත් කැකුළු මතු වෙනා
බොලඳ වදන් තෙපලනා
මොලකැටි දෙපා තබමිනා
පුංචි පුතු ඇවිදිනා..........
මොලකැටි දෙපා තබමිනා
පුංචි පුතු ඇවිදිනා..........
වසරක්ම ගතවුනා
අපට නම් නොදැනුනා
සුදු පුතුගේ කිරි සිනා
අප ලොවම සරසනා..........
අපට නම් නොදැනුනා
සුදු පුතුගේ කිරි සිනා
අප ලොවම සරසනා..........
0 comments:
Post a Comment